Social Icons

facebookrss feedemailtwitter

Monday, May 7, 2018

සමෘද්ධි සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතට

සමෘද්ධි බැංකුව, මහ බැංකුවේ පාලනය යටතට පත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ, කොළඹ - සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට එක්වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ අනෙකුත් සියලූ බැංකු මහ බැංකුවේ අධීක්ෂණයට සහ පාලනයට ලක්වුව ද සමෘද්ධි බැංකුවට භාරකාරයෙකු නොමැති බවයි. එහි තැන්පතු මුදල් සීමාවන් ඉක්මවා වැය කිරීම පිළිබඳව සොයා බලන ලෙස තමන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දුන් බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.