Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

නජීබ් රසාක්ට සහ බිරිඳට රටින් පිටවීම තහනම්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර තිබේ. එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2015 වසරේ දී රාජ්‍ය අයෝජන මුදලින් ඩොලර් මිලියන 700ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති බවයි.



මේ අතර, නජීබ් රසාක් සිය ෆේස් බුක් සහ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් සහ පවුලේ සාමාජිකයින් අද සති අන්ත නිවාඩුවක් වෙනුවෙන් විදේශ ගතවීමට සැලසුම් කර තිබූ බවයි. 64 හැවිරිදි නජීබ් රසාක් 2009 වසරේ අප්‍රේල් මාසයේ සිට පසුගිය 10 වැනි දින දක්වා මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලැබීය.