Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

රුසියා අග්‍රාමාත්‍යධුරයට දිමිත්‍රි මෙඩ්වෙඩෙ‍ව් මහතා යෝජනා කෙරේ

රුසියා ජනාධිපතිවරයා එරට අග්‍රාමාත්‍යධුරයට දිමිත්‍රි මෙඩ්වෙඩෙ‍ව් මහතා යෝජනා කරයි. පුටින් ජනාධිපතිවරයා විසින් අදාළ නාම යෝජනාව එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වෙත යොමුකර තිබේ.

රු‍සියා ‍සමූහාණ්ඩු රජයේ සභාපතිවරයා ලෙසට මෙඩ්වෙඩෙ‍ව් මහතා යෝජනා කරමින් ඩූමා මණ්ඩලය වෙත යොමු කර ඇත. ව්ලැඩ්මීර් පූටින් මහතා 7 වැනිදා සිය සිව්වන ජනාධිපති ධුර කාලය සඳහා දිවුරුම් දීමෙන් පසු දිමිත්‍රි මෙඩ්වෙඩෙ‍ව් මහතාගේ නායකත්වයෙන් යුත් රුසියා රජය ඉල්ලා අස්විය. අනතුරුව ජනාධිපති නියෝගයක් නිකුත් කළ පූටින් මහතා නව රජය පිහිටුවන තෙක් පැවති රජය ක්‍රියාත්මක විය යුතු බව දැන්විය.