Social Icons

facebookrss feedemailtwitter

Monday, May 7, 2018

ප්‍රධාන මැයි රැළි - මඩකලපුව - ගාල්ල - කොළඹ දී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 07 ) ප.ව 2.00 ට මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බු හි දී පැවැත්වෙයි.

ජාතික සමගියට කම්කරු ජවය, තේමාව යටතේ සියලු පළාත් වලින් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් මැයි රැළිය පැවැත්වීමට නියමිතය. ප්‍රධාන දේශපාලන පක්‍ෂ රැසක් ද අද කම්කරු දිනය සැරීමට සූදානම් වේ.


ඒ, පසුගිය පළමු වන දා සැමරීමට නියමිතව තිබූ ලෝක කම්කරු දින සැමරුම අද දිනයේ සිදු කරන ලෙසට මහා සංඝ රත්නය සිදු කළ ඉල්ලීමට සමගාමීවය. ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය අද පස්වරු 3 ට පැවැත්වෙන්නේ කොළඹ බී.ආර්.සී පිටියේදීයි. මැයි දින පෙළපාලිය මධ්‍යහන 12 ට බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේ. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය අද පස්වරු 1 ට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. මේ අතර, ජාතික හෙළ උරුමය සංවිධානය කරන මැයි දින පෙළ පාලිය අද පෙරවරු 9 ට කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් ආරම්භවී කොළඹ නව නගර ශාලාව දක්වා ගමන් කළ බව වාර්තා වේ.