Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

ඇමරිකාවට විරුද්ධව ක්‍රියා කිරීමට තුර්කිය ද සැරසේ

ඇමරිකාවට එරෙහිව සමාන ප්‍රතිපියවර ගන්නා බව තූර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ඔහු පසුගිය 4 වැනි දින අන්කාරා අගනුවරදී මේ බව ප්‍රකාශ කර ඇත.

තුර්කියේ පිහිටි ඇමරිකානු අධිකරණ සහ සිවිල් අමාත්‍යවරුන්ගේ ප්‍රාග්ධනය ඉදිරියේදී අත්හිටුවන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. පසුගියදා තූර්කිය සහ ඇමරිකාව අතර නොසන්සුන්තාවය උග්‍ර වීමට ප්‍රධාන හේතුව වූයේ ඇන්ඩෲ බ්‍රන්සන් නමැති පූජකවරයා තූර්කිය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමයි.

මේ නිසා ඇමරිකානු මුදල් අමාත්‍යංශය පසුගිය 1 වැනි දින ප්‍රකාශ කළේ සිය රටේ තූර්කි අධිකරණ සහ සිවිල් අමාත්‍යවරුන්ගේ ප්‍රාග්ධනය අත්හිටුවීමට කටයුතු කරන බවයි. එයට තූර්කි විදේශ අමාත්‍යංශය දැඩි විරෝධයක් පළ කර තිබිණ.