Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

ඇමරිකානු තීරු බඳු පැනවීමට විරුද්ධව චීනය ද අතිරේක තීරු බදු වැඩි කරයි

චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් වෙළඳ භාණ්ඩ කෙරෙහි සියයට 10ක අතිරේක තීරු බදු පනවන බව ඇමරිකාව පසුගිය ජූලි මස 11 වැනි දින ප්‍රකාශයට පත් කළේය.

ඇමරිකාවේ වෙළඳ නියෝජිතයකු පසුගිය 2වැනිදා ප්‍රකාශ කළේ එහි සියයට 10 යේ ප්‍රතිශතය සියයට 25ක් දක්වා වැඩි කරන බවයි. ඒ අනුව ඇමරිකාවේ මෙම ක්‍රියාවන්ට එරෙහිව ප්‍රතිපියවර ගැනීමට චීනයට සිදුවිය. ඇමරිකාවේ ඩොලර් බිලියන 60 වෙළඳ භාණ්ඩ කෙරෙහි 25%, 20%,10%, හා 5% ක අසමාන ලෙස මෙම තීරු බදු පැනවීමට චීනය තීරණය කර තිබේ. ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීම ක්‍රියාත්මක කළහොත් චීනය එම ප්‍රතිපැනවීම් වහාම ක්‍රියාවට නංවනු ඇති.