Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 28, 2018

සෞදි කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට 6 ගුණයක් ගෙවන්නට සිදුවේ

සෞදි රජුකාන්තාවන්ට මෝටර් රථ පැදවීමට 2018 ජුනි මාසයෙන් පසු අවසර ලබාදීමට නියෝග කිරීමෙන් පසු කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබගැනීමේදි සෞදි රියාල් 2,000ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව පැවසේ. එම ගෙවීම පිරිමින්ට වඩා හය ගුණයක පමණ වැඩිවීමකි.

රථ වාහන ආරක්ෂාව සඳහා වන සෞදි සංගමයේ ප්‍රධානි ආචාර්ය අබ්දුල්හමීඩ් අල්-මිජෙල් මේ බව සදහන් කර තිබේ.


රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා කාන්තාවන් 600 ක් පමණ දැනටමත් ලියාපදිංචි වී ඇති අතර, ඔවුන් මේ දිනවල පුහුණුවීම් කටයුතුවල නිරත වන බව වාර්තා වේ. කාන්තාවන්ට රියදුරු පුහුණුව ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදයට වඩා වෙනස් ආකාරයකින් සිදුකරන බව ද වාර්තා වේ.