Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 28, 2018

හැරී - මේගන් වෙනුවෙන් මැටි බදුන් වෙළඳ පළට

බ්‍රිතාන්‍ය මැටි භාණ්ඩ නිෂ්පාදන සමාගමක් විසින් හැරී කුමරු සහ මේගන් මර්කල් යුවළගේ රාජකීය විවාහ මංගලෝත්සවය වෙනුවෙන් අලංකාර බඳුන් නිෂ්පාදනය කර තිබෙනවා.

සැමරුම් අවස්ථා වෙනුවෙන් භාණ්ඩ නිෂ්පාදනයේ නිරත එම සමාගම විලියම් කුමරුගේ විවාහ මංගලෝත්සවය මෙන් ම බ්‍රිතාන්‍ය රජ පවුලේ විවිධ විශේෂ අවස්ථා සනිටුහන් කිරීම නිමිති කරගනිමින් භාණ්ඩ නිෂ්පාදනයේ කලක් පටන් නිරතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මෙවර ද මෙම රාජකීය විවාහ මංගලෝත්සවය මුල් කර ගනිමින් නිෂ්පාදිත අලංකාර බඳුන් මේ වන විට වෙළඳ පොළට නිකුත්කර තිබෙනවා. හැරී කුමරු සහ මෙගන් මර්කල් යුවළ මැයි මස 19 වැනි දින යුග දිවියට එලඹීමට නියමිතවයි සිටින්නේ.