Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

චීන විදේශ අමාත්‍යවරයා උතුරු කොරියාවේ නිල සංචාරයකට සූදානම්

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා උතුරු කොරියාවේ සංචාරයකට සුදානම් වේ. විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලු කන් මහතා අද (30) පැවසුවේ ලබන මස  2 සහ 3 යන දෙදින වං යී මහතා උතුරු කොරියාවේ සංචාරය කරන බවයි.

උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතාගේ ආරාධනයකට ඔහු මෙම සංචාරයේ නිරත වන බව ලු කන් මහතා පැවසීය.