Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 29, 2018

සිරියා අර්බුදය පිළිබඳ නව වටයේ Astana සාකච්ඡා 14 සහ 15

සිරියා අර්බුදය පිළිබඳ නව වටයේ සාකච්ඡාව පැවැත්වීමට සැළසුම් කෙරේ. රුසියාව, තූර්කිය හා ඉරානය යන රටවල් 3හි විදේශ අමාත්‍යවරු මොස්කව් (Moscow) නගරයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූහ.

එහිදී ඔවුහු සිරියානු අර්බුදය නිරාකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර, ලබන 14 හා 15 යන දෙදින කසකස්ථානයේ Astana නගරයේදී මේ පිළිබඳ නව වටයේ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළහ. ඔවුන් සාකච්ඡා කිරීමෙන් පසු ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කර තිබේ. මීට පෙර පැවැත්වූ Astana සාම සාකච්ඡා මඟින් සිරියානු අර්බුදය හා සම්බන්ධ විවිධ පාර්ශවයන්ට සහජීවනයෙන් යුතුව සිරියාවේ ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට හැකි වූ බව එම නිවේදනයේ දැක්වේ. එමඟින්, දේශපාලන මාර්ගයෙන් එහි අර්බුදය විසඳා ගැනීමට යහපත් වටපිටාවක් ඇති කර සිරියාව තුළ සිටින විවිධ පාර්ශවයන් පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වූ බව පැවසේ.