Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

15 වැනි ශංහයි සහයෝගීතා සංවිධානයේ ජාතිකාරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුව ඇරඹේ

15 වැනි ශංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල ජාතිකාරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වේ. චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, ජාතිකාරක්ෂක අමාත්‍ය වේ ෆෙං හ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව 24 වැනි දින බෙයිජිංහි දී පැවැත්විණ.

ශංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල ජාතිකාරක්ෂක ආයතනයන් හී මෙන්ම හමුදා නායකයින් ද, එම සංවිධාන ලේකම් කාර්යාලයේ සහ කලාපීය ත්‍රස්ත - විරෝධී ආයතන විධායක කමිටු නියෝජිතවරු එම සමුළුවට එක් වූහ. “පොදු ඉරණමක් සහිත ඒකකය ගොඩනැගීම සහ සංවර්ධනය සඳහා නිර්මාණශීලිත්වය හා සහයෝගීතාව පුළුල් කිරීම” එම සමුළුවේ ප්‍රධාන තේමාව බව වේ ෆෙං හ මහතා එහිදී ප්‍රධාන දේශනය පවත්වමින් පැවසීය. විවිධ සාමාජික රටවල නායකයින් එළඹී ඇති එකඟතාවන් මනා ලෙස ක්‍රියාත්මක කර ආරක්ෂක සහයෝගීතා මට්ටම අඛණ්ඩ ලෙස ඉහළ නංවා ගත යුතු බව වේ ෆෙං හ මහතා සඳහන් කළේය. වත්මන් සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වයන් යටතේ ශංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක ආයතන හා හමුදාවන් අතර සහයෝගීතාවන් වැඩිදුරටත් තහවුරු කර තර්ජනයන්ට හා අභියෝගයන්ට පොදුවේ මුහුණදිය යුතු බව විවිධ රටවල ජාතිකාරක්ෂක අමාත්‍යවරුන් එම සමුළුවේදී අවධාරණය කර ඇත.