Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

පළාත් 6ක ඡන්දය වසර අග පරණ ක්‍රමයටම

නිල කාලය අවසන් වන පළාත් සභා 6 ක ඡන්ද විමසීම මේ වසර අග දී පැවැත්වීමට තීරණය කෙරේ. දැනට නිල කාලය අවසන්ව ඇති පළාත් සභා තුනක සහ ලබන සැප්තැම්බර් මාසයේදි අවසන් විමට නියමිත පළාත් සභා තුනක ඡන්දය මේ වසර අගදි පැවැත්වීමට රජය තීරණය කර ඇත. රජය මෙම තිරණයට එළැඹ ඇත්තේ, මැතිවරණ කොමිසම විසින් මෙම පළාත් සභා හයේ මැතිවරණය මෙම වසරේ පවත්වන ලෙසට කළ නිර්දේශය අනුවය.

ඒ අනුව දැනට නිල කාලය අවසන්ව ඇති සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර යන පළාත් සභාවන්හි ද නිල කාලය ලබන සැප්තැම්බර් මසින් අවසන්විමට ඇති මධ්‍යම, උතුර හා වයඹ යන පළාත් සභාවන්හි ද මැතිවරණය මෙම වසරේ අග පැවැත්විමට හැකි වේ.

මේ වසරේදී පැවැත්විමට නියමිත පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්වීමට දේශපාලන අතර එකඟත්වයක් ඇතිකර ගැනීමට නියමිත අතර, එසේ කිරීමට හේතුවී ඇත්තේ නව පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ ක්‍රමයේ ඇති දුර්වලතා හේතුවෙනි. ඉහත කී පළාත් සභා සඳහා  මැතිවරණ මේ වසරේ පැවැත්වීමට රජය ගෙන තිබෙන තීරණය අනුව අ‍පොස සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇත.