Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

සතුටින් සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාවේ 116

ප්‍රීතිමත්ම  ජනතාව සිටින රටවල් අතරින්  ශ්‍රී ලංකාව 116 වෙනි ස්ථානයට  පත්ව ඇත. ඒ රටවල් 156ක් යොදා ගනිමින් සිදුකරන ලද සමික්ෂණයකට අනුවයි. 2018 වර්ෂය සදහා නිකුත් කරන ලද මෙම වාර්තාව අනුව පසුගිය වසරවලට සාපෙක්ෂව ශ්‍රි ලංකාව පියවර 4ක් ඉදිරියට පැමිණ ඇති බව සඳහන්.

ලොව ප්‍රීතිමත්ව ජනතාව සිටින රටවල් අතරින් පෙරමුණ ගෙන ඇත්තේ ෆින්ලන්තය වන අතර, නෝර්වේ රාජ්‍යය දෙවන ස්ථානයටත් ඩෙන්මාර්කය එම දර්ශකයේ තුන්වන ස්ථානයටත් පත්ව තිබේ. එම දර්ශකය සදහා යොදා ගනු ලබන නීර්ණායක වන්නේ අදාළ රටේ පුද්ගල ආදායම් තත්වය, සෞඛ්‍ය සම්පන්න ජීවිත අපේක්ෂාව හා සමාජ සහයෝගීතාවය, නිදහස, විශ්වාසය මෙන්ම ත්‍යාගශීලීත්වය යන කාරණාය.