Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 28, 2018

“ලුවී ආතර් චාල්ස්” - බ්‍රිතාත්‍ය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා

බ්‍රිතාත්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයාගේ නම කේම්බ්‍රිජ් හි ලුවි කුමරු යැයි කෙන්සින්ග්ටන් මාලිගය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් 27 වැනි දින ප්‍රකාශ කර තිබිණ.

කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු හා ඔහුගේ බිරිඳ සහ ක්‍රේම්බ්‍රිජ් ආදිපාදවරිය ඔවුන්ගේ තෙවැනි දරුවා “ලුවී ආතර් චාල්ස්” යනුවෙන් නම් කර තිබේ. මේ අනුව කේම්බ්‍රිජ් ලුවී කුමරු බ්‍රිතාත්‍ය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා බවට නිල වශයෙන් පත්විය. ලුවී කුමරු උපත ලැබුවේ ඉකුත් සඳුඳා (23) වැනිදාය.


උපත ලබන විට කුමරුගේ බර කිලෝග්‍රෑම් 3.8ක් වූ අතර එයත් සමඟ වසර සියයකට පසු රජ පවුලේ උපත ලැබූ බරින් වැඩිම දරුවා බවට පත්විය. ලුවී කුමරු බිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ හයවැනි මී මුණුපුරාය.