Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

රසායනික අවි තහනම් සංවිධානයේ පරීක්ෂකවරු සිරියාවේ පරීක්ෂණ ආරම්භයි

රසායනික අවි තහනම් සංවිධානයේ පරීක්ෂකවරු සිරියාවේ ‍ඩවුමා දිස්ත්‍රික්කය‍ට ඇතුළු වෙති. රසායනික අවි භාවිත කළ බවට ඇති චෝදනා පරීක්ෂා කිරීම අරමුණයි. අදාළ සාම්පල ලබා ගැනීමට තම පරීක්ෂකයන් ක්‍රියා කරනු ඇති බව රසායනික අවි තහනම්  සංවිධානය සඳහන් කරයි.

එහි තත්ත්වය තක්සේරු කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර පිළිබඳ අවධානය යොමු කරමින් අවශ්‍ය වුවහොත් යළි එම ප්‍රදේශයට ප්‍රවේශවීමද ඊට අයත් බව රසායනික අවි තහනම් සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. අදාළ සාම්පල නෙදර්ලන්තයේ පිහිටි තම රසායනාගාර වෙත යොමු කිරීමට එම සංවිධානය අපේක්ෂා කරයි. අදාළ පරීක්ෂකයන් ඩවුමා දිස්ත්‍රික්කය‍ට ප්‍රවේශවීමට ප්‍රථම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කණ්ඩායම් එම ප්‍රදේශයට ගොස් එහි ආ‍රක්ෂක තත්ත්වය සොයා බැලූහ.