Social Icons

facebookrss feedemailtwitter

Tuesday, April 24, 2018

නව අභියාචනාධිකරණ විනිසුරුවන් 2දෙදෙනක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු 23 වැනි දින පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දී තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ය.

මහාධිකරණ විනිසුරු එම්.ඒ. සමයවර්ධන මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් මෙලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දී තිබේ.