Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 29, 2018

ශාන්තිනායක අමාමෑනී බුදු පියාණන්වහන්සේගේ තෛමංගල්‍යය අදයි. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි (29).

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැති සිතිනි.

සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීම් වේ. බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර, එය සිහිපත් කරමින් සිදු කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයකි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීම ද වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනක සිදුවූ බව කියැවේ. බුදුහිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැළකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පොහොය දිනකය.