Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

වසර 1300 ක් ඉපැරණි මිනිස් අස්ථි කොටස් පේරු රාජ්‍යයෙන් හමුවෙයි

වසර 1300ක් ඉපැරණි මිනිස් අස්ථි කොටස් කිහිපයක් පේරු රාජ්‍යයෙන් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් සොයා ගෙන තිබේ. පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට ආසන්න පිහිටි සත්වෝද්‍යානයක් අසළ පිහිටි සොහොන් බිමකින් මෙම අස්ථි කොටස් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ සහ ළදරුවෙකුගේ බවට සැක කළ හැකි මිනිස් අස්ථි ඒ අතර වන බව සදහන්ය. එම අස්ථි ලීමාහි විසූ ස්වදේශික ජන කොට්ඨාසයක අවසන් පුද්ගලයින් කණ්ඩායමකට අයත් බවට පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනු ලැබේ. මෙම අස්ථි උපයෝගි කර ගනිමින් අදාළ ජන කොට්ඨාසය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. මෙම අස්ථි කොටස් වලට අමතරව සෙරමික් භාණ්ඩ කිහිපයක්, මැටි බදුනක් සහ උඳුනක් ද සොයාගෙන ඇත.