Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

කැනඩා අනතුරෙන් මියගිය පුද්ගලයින් අතර, ශ්‍රී ලාංකික කාන්තාවක්

කැනඩාවේ - ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් කඩා වැදී පෙරේදා සිදුවූ අනතුරින් ශ්‍රී ලාංකික කාන්තාවක් ද මියගොස් ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රේණුකා අමරසිංහ නමැති 45 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්කි. මෙම අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 15 ක් වේ.

ඇය පසුගිය දිනක ලංකාවට පැමිණ සිට නැවත පසුගිය 18 වනදා සිය 7 හැවිරිදි දරුවා සමඟ කැනඩාවට පැමිණ සිටියදීයි මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත.