Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන පර්යේෂණ භූමි මැයි මස වසා දැමේ

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන පර්යේෂණ ස්ථාන වසා දැමීමට පියවර ගනී. ඒ අනුව උතුරු කොරියානු නායක කිම් - ජෝන් - උන් මහතා ගනු ලැබූ මෙම තීරණය ලබන මැයි මාසයේදී ක්‍රියාත්මක කෙරෙන බව, දකුණු කොරියානු ජනාධිපති මන්දිරය ප්‍රකාශ කරයි.

දකුණු කොරියානු ජනාධිපති මූන් - ජේ - ඉන් ගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ලේකම් වන Yoon - Young – chan විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, උතුරු කොරියානු නායකයාගේ ඓතිහාසික සංචාරය පිළිබඳ පසු විපරමක් වශයෙනි.


උතුරු කොරියානු නායකවරයා පසුගිය 27 වැනි දින දේශසීමාව තරණය කර දකුණු කොරියාවට පැමිණ එරට නායකවරයා සමග සාකච්ඡාවල නිරත වූහ. එහිදී ඔවුන් එකඟ වූයේ කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් බවට පත් කිරීමටයි.

උතුරු කොරියාවට ඊසාන දෙසින් පිහිටි Pyongyang භූමියේදී න්‍යෂ්ටික බෝම්බ 6 ක් පිළිබඳ පර්යේෂණ සිදුකර තිබේ. විනිවිද පෙනෙන අයුරින් සියල්ල වාර්ථා කිරීමටත්, පර්යේෂණ කිරීමටත් උතුරු කොරියානු නායකවරයා දකුණු කොරියාවේ සහ ඇමරිකාවේ විශේෂඥයින් හා වාර්තාකරුවන්ට ආරාධනා කර ඇති බව ද පැවසේ.