Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

ලොව ධනවත්ම එමීර් වැසියන් හත්දෙනා

අබ්දුල්ලා බින් අහමඩ් අල් ගුරායි සහ එම පවුල පළමු ධනවත් එමීර් පුද්ගලයින් වශයෙන් සැළකේ. එම එමර් ජාතික ධනපති ලැයිස්තුවේ දෙවැනි ස්ථානය මජීඩ් අල් ෆුටායිම් සහ පවුල් විසින් හිමිකර ගෙන ඇත. ඔවුන් සතු වත්කම ඇමෙරිකානු ඩොලර් 4.6 කි.

ඔවුන් සතුව සුඛෝපභෝගී හෝටල් 12 ක්ද, ලොව සුප්‍රසිද්ධ මොල් ඔෆ් ද එමිරේට්ස් සාප්පු සංකීර්ණය ඇතලු තවත් සාප්පු සංකීර්ණ 21 ක් ද තිබේ. තෙවැනියට ධනවත්ම එමිරේට ජාතිකයා වන්නේ හුසේන් සාජ්වානිය. ඔහු සතුව ඇමෙරිකානු ඩොලර් බිලයන 4.1  වත්කම් තිබේ.

මෙහි සිව්වැනියට වැඩියම වත්කමක් සහති ධනපති වන්නේ ඩුබායිහි දේපළ වෙළදාම් සහ ටොයෝටා වාහන බෙදාහැරීමේ නිරත  අබ්දුල්ලා අල් ෆුටෙයිම්ය. ඔහු සතුව ද ඇමෙරිකානු ඩොලර් බිලයන 4.1  වත්කම් පවතී. තවද ලොව සුප්‍රසිද්ධ වෙළද නාමයන් වන මාර්ක් ඇන්ඩ් ස්පෙන්ස්ර්, සාරා ඇතුලු වෙළද නාම රැසකට එමීරයේ වෙළද අයිතිය ද ඔහු සතු වේ.

ධනවත්ම එමීර බිලියනපතියන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය එරට නව ව්‍යාපරිකයෙකු වන සයීඩ් බින් බූති අල් ක්වෙබයිසි විසින් හිමිකරගෙන ඇති අතර සෞඛ්‍ය සේවා, මුදල් හුවමාරැ සහ සිල්ලර වෙළදාම් කටයුතු වල ඔහු නිරතව සිටී. ඔහු සතුව ඇමෙරිකානු ඩොලර් බිලයන 2.7ක වත්කම් පවතී. මෙම ලැයිස්තුවේ හත්වැන්නා වන්නේ අබුඩාබි නුවර මූලික කර ගෙන සෞඛ්‍ය සේවා කටයුතු වල නිරත කලීෆා බින් බූති අල් මුහෙයිරි විසිනි. ඔහු සතුව ඇමෙරිකානු ඩොලර් බිලයන 1.5 ක වත්කමක් පවතී.