Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

ලොව වයස්ගතම කාන්තාව සමුගනී

ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකූ ජපන් ජාතික 117 හැවිරිදි වියේදී මියගොස් තිබේ. 21 වැනි දින පස්වරුවේ දකුණු ජපානයේ, කිකායි ප්‍රදේශයේ රෝහලකදී ඇය මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නබී තජිමා නැමැති ඇය 1900 වර්ෂයේ අගෝස්තු මස 04 වනදා උපත ලබා ඇති අතර 19 ශතවර්ෂයේ දී උපත ලබා වර්තමානය වන තෙක් ජීවත් වූ එකම මිනිසා ලෙසට හඳුනාගෙන ඇත. ඇය පිරිමි දරුවන් හත් දෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු හට ද උපත ලබාදී ඇති බව සඳහන්ය.


මීට පෙර ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකූ ජැමෙයිකාවේ වයලට් බ්‍රවුන්ගේ අභාවයත් සමඟ මීට මාස හතකට පමණ පෙර නබී තජිමා ලොව වයස්ගතම කාන්තාව බවට පත් විය.