Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය නවීකරණයට පියවර

විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරිමටත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිතා කිරිමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.

එහි එක් පියවරක් ලෙස විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීම සම්බන්ධව මැලේසියාවේ PUTRA විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනකට විභාග දෙපාර්තමේන්තුවේ නිලධරියන් 12 දෙනෙකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.