Social Icons

facebookrss feedemailtwitter

Tuesday, April 24, 2018

මැලේසියාවේ ඉදිකරනු ලබන පළමු වෙසක් තොරණ

වෙසක් සමයේ වැදගත්කම සහ වෙසක් අසිරිය මැලේසියාවේදි විදහා දැක්වීම සඳහා එළඹෙන වෙසක් සමය වෙනුවෙන් මැලේසියාවේ දී පළමුවරට නිර්මාණය කරනු ලබන වෙසක් තොරණ ඉදිකිරිමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරමින් පවතී.

අප්‍රේල් මස 16 වැනි දා සිට 19 වැනි දා දක්වා මැලේසියාවේ පැවැති 16 වන ආසියානු ආරක්‍ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළුව - 2018 සඳහා සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ක්වාලා ලම්පූර්, බ්‍රික්ල්ඩ් බෞද්ධ විහාරස්ථානයේ සංචාරය කරමින් බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වානය සිහිකරමින් ප්‍රථමවරට ඉදිකරන ලද වෙසක් තොරණේ කටයුතුවල ප්‍රගතිය සොයා බලන ලදි. උස අඩි 60 කින් යුක්තව ඉදිකරන ලද වෙසක් තොරණ සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ අධික්ෂණය යටතේ ඉංජිනේරු සේවා බලකා භට පිරිස් කණ්ඩායමක් විසින් ක්වාලා ලම්පූර් හි මෙම තොරණේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබයි.