Social Icons

facebookrss feedemailtwitter

Tuesday, April 24, 2018

ලංකාවේ නව අයෝජන අවස්ථා සොයා බලන්න පාකිස්ථානයේ ආයෝජකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණේ. ඔවුන් 23 වැනි දින ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුව ඇත.

පාකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයින් මෙම කණ්ඩායමට ඇතුළ වන අතර සෞඛ්‍ය, නිවාස, සංචාරක සහ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හී ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා තමන් සූදානම් බව ඔවුන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ. එමෙන්ම අධිවේගී මාර්ග ඉදිකිරීම් සහ ඛනිජ තෙල් කැණීම් යන ක්ෂේත්‍ර යන්හී නව ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරිණි. හදවත් සැත්කම් සිදුකරන ලොව ඉහළ තාක්ෂණයෙන් යුත් නවීන රෝහලක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට සහ සංචාරක පුරවර දෙකක් සඳහා මෙන්ම අඩු වියදම් සහිත නව නිවාස සංකීර්ණයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට ද මෙහිදී කැමැත්ත පළ වී ඇත.