Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

ඇමරිකාව පනවා ඇති තහනම අතිශයින්ම අසාධාරණ බව ZTE සමාගමෙන් චෝදනා

තම සමාගමට එරෙහිව ඇමරිකාව පනවා ඇති තහනම අතිශයින්ම අසාධාරණ බව චීන විදුලි සංදේශ ‍ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගමක් වන ZTE  සමාගම පවසයි. එම තහනම කි‍සිසේත් පිළි නොගන්නා බවද  ZTE  සමාගම කියා සිටී.

අපනයන පරිපාලන රෙගුලාසි උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම තහනම පනවන බව ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව මෙම සතිය ආරම්භයේදී ප්‍රකාශ කළේය. තම අයිතීන් හා පල ප්‍රයෝජනයන් ආරක්ෂා කර ගැනීමට නීතියෙන් ලැබී ඇති සියළු පියවර ගන්නා අතරම සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීමට අඛණ්ඩව ක්‍රියා කරන බවද සමාගම සඳහන් කරයි. මේ අතර චීන වාණජ අමාත්‍යංශය ප්‍රකාශ කළේ  ZTE සමාගමට එරෙහි ක්‍රියාවෙන් හානි සිදුවන්නේ ඇමරිකාවට බවයි.