Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

සිරියානු අර්බුදය දේශපාලනිකව විසදිය යුතුයි

සිරියාවේ පවතින අර්බුදය නිරාකරණය කිරීමේ එකම හා ඵලදායී විසඳුම දේශපාලනය බව චීන රජය පවසයි. යුදමය ක්‍රමවේද භාවිත කිරීම හෝ යුදමය අතින් තර්ජන කිරීම් සඳහා සිය විරෝධය දැක්වීම, චීනය ලෝකය හමුවේ ක්‍රියාත්මක කර ඇති යහපත් ජාත්‍යාන්තර සබඳතාවේ තිරසර ආකල්පයකි.

ඕනෑම රටක් හෝ සංවිධානයකට එසේත් නොමැතිනම් ඕනෑම පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකරන න්‍යෂ්ටික ප්‍රහාර චීනය තරයේම හෙළාදකී. ඊජිප්තුවේ නිළ සංචාරයක නිරත චීන රජයේ සිරියානු අර්බුදය පිළිබඳ විශේෂ නියෝජිත Xie Xiaoyan මහතා Cairo නගරයේ දෙස් - විදෙස් මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ ඊජිප්තුව එම කලාපයේ ඉතා වැදගත් රටක් වන බවයි. ඊජිප්තුව සමඟ එක්ව අදහස් හුවමාරුව ශක්තිමත් කරමින් සිරියානු අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් පෙනී සිටීමට චීනය කැමැත්තෙන් පසු වන බව හෙතෙම සඳහන් කර තිබේ.