Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 28, 2018

කොරියානු යුද්ධය අවසන් කිරීමට නායකයෝ එකඟ වෙති

වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය මේ වසර තුළදී නිමා කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට උතුරු කොරියාවනු සහ දකුණු කොරියානු නායකයෝ සූදානම් වෙති.

දකුණු කොරියාවේ සෝල් නුවරදී අද පැවැති ඒකාබද්ධ පුවත් පත් සාකච්ඡාවකදී උතුරු සහ දකුණු කොරියානු නායකයෝ මේ බව නිවේදනය කළහ. “සාමය, සෞභාග්‍යය සහ එකමුතු බව සඳහා වන පැන්මුන්ජොම් ප්‍රකාශය” යනුවෙන් මෙම ගිවිසුම නම් කරනු ලැබීමට නියමිතය.

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා සහ දකුණු කොරියානු නායක මූන් ජායි-න් මහතා අතර දිනයක් පුරා සාකච්ඡා පැවැති අතර දෙදෙනා අතර විනාඩි 30 ක පමණ කාලයක් පුරා පෞද්ගලික සාකච්ඡාවක්ද පැවැත්විණ. “කොරියානු අර්ධද්වීපයේ තවදුරටත් යුද්ධයක් නොපවැත්වෙන බව නායකයෝ දෙදෙනා ඒකමතිකව නිවේදනය කරති” යයි එම ප්‍රකාශයේ සටහන් විය. “සාමයේ නව යුගයක් උදාවනු ඇත” යයි ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි-න් මහතා පැවසීය.

වර්ෂ 1953 දී කොරියානු යුද්ධය අවසන් වූයේ ගිවිසුමක් පදනම් කර ගනිමිනි. එහෙත් එම ගිවිසුමට අයත් කොන්දේසි ක්‍රියාත්මක නොවූ අතර දෙපිලම වරින් වර එකිනෙකා ඇවිස්සෙන කතා කියමින් යුද්ධයකට යන බවට සදහන් කළහ. “කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ඨික අවි වලින් තොර කිරීමට කිම් ජොන් අන් මහතාත් මමත් එකග වී සිටී. අප දෙදෙනාගේම පොදු එකඟතාව එයයි” යැයි දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසීය.