Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

සිරිපා කරුණා සමය අදින් අවසන්

මෙවර ශ්‍රී පාද වන්දනා සමය 30 වැනි දිනෙන් අවසන්වේ. අද (30) ශ්‍රී පාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් වලින් අනතුරුව ශ්‍රී පාද වන්දනා සමය අවසන් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමව පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසයි.

ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව සමන් දේව ප්‍රතිපමාව සහ දේවාභරණ විශේෂ පෙරහැර දෙකකින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතයි. පසුගිය වසරේ උදුවප් පුර පසලොස්වක පොහොය දිනෙන් සිරිපා වන්දනා සමය ආරම්භ වු අතර මෙවර වන්දනා සමයේදී ද අතිවිශාල ජනතාවක් ශ්‍රී පාදස්ථානය වැදපුදා ගැනිමට පැමිණි බව ශ්‍රී පාදස්ථාන හිමියන් සඳහන් කළේය.