Social Icons

facebookrss feedemailtwitter

Monday, April 23, 2018

දන්සැල් පැවැත්වීමට අදාළ නිර්ණායක 6ක්

එළැඹෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීමට අදාළ නිර්ණායක 6ක් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇත. ඇතැම් ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සැල් පැවැත්වීමේ මුවාවෙන් වංචනිකව මුදල් රැස් කරන බවට තොරතුරු වාර්තා වීම ඊට හේතුවයි.


ඒ අනූව මෙම පියවර ගත් බවයි, බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසන්නේ. මේ පිළිබඳව සියලුම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත. දන්සැල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරිගේ දැනුවත් වීම සිදුවිය යුතුය. මහජනතාව පීඩාවට පත්නොවන ලෙස දන්සැල් පැවැත්වීමට හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම තවත් නිර්ණායකයක්. සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ආහාර පාන පිළියෙළ කිරීමට ක්‍රියා කිරීම, මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතයෙන් වැළකීම, සැදැහැ සිතින් සහ ආචාරශීලීව ක්‍රියා කිරීම ද එය නිර්ණායකයන්ට ඇතුළත් වේ. දන්සැල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකර, ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කිරීම සුදුසු බවයි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනාරාල් නිමල් කොටවලගෙදර මහතා පවසන්නේ.