Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

ටොරෙන්ටෝ ඝාතන සිද්ධියේ සැකකරුගෙන් ප්‍රශ්න කෙරේ

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ කාර්යබහුල වීථියක ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෑන් රථයක් පදවා පුද්ගලයෙකු විසින් සිදුකළ අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලැබීය. වෑන් රථය පදවන ලද 25 හැවිරිදි ඇලෙක් මිනසියන් නම් සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගු වේ පසුවේ.



සැකකරු අනතුර සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත. ඇලෙක් මිනසියන් පිළිබද මින් පෙර කිසිදු අපරාධයකට හෝ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට පෙර වාර්තා පළ වී නොමැති බව පැවසේ. පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැදවමින් කැනඩාවේ ටොරෙන්ටෝ නුවර අනතුර සිදුකළ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් මෙම සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න තහවුරු කර නොමැත. සැකකරු වෑන් රථයක් පදිකයන් අතරට පැදවා මෙම අනතුර සිදු කළ අතර ඉන් 15 දෙනෙකු තුවාල ලැබීය. විදෙස් වාර්තා සඳහන් කළේ වෑන් රථය පදිකයන් අතරට පැදවූ පුද්ගලයා 25 හැවිරිදි ඇලෙක් මිනර්සෙන් ලෙස හඳුනාගෙන ඇති බවය.