Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකල භූගත පර්යේෂණාගාරයක කොටසක් කඩා වැටෙයි

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකල භූගත පර්යේෂණාගාරයේ කොටසක් කඩා වැටී ඇති බව චීන විද්‍යාඥයින් පවසයි. මේ හේතුවෙන් එම පර්යේෂණාගාරය යළි භාවිතයට ගත නොහැකි වනු ඇති බවත් සඳහන් වෙයි.

උතුරු කොරියාවේ කඳුකර ප්‍රදේශයක ඉදිකර තිබූ පන්ග්යේරී න්‍යෂ්ටික පර්යේෂණාගාරයේදී අත්හදාබැලීම් හයක් පමණ සිදු කර තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී අවසන් වරට සිදු කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් අනතුරුව පසු කම්පන රැසකින් ඊට බලපෑම් එල්ලවී ඇති බව සඳහන් වෙයි. මේ හේතුවෙන් පර්යේෂණාගාරය පිහිටි කන්දේ කොටසක් කඩා වැටෙන්නට ඇතැයි භූ විද්‍යාඥයින් සැක පල කරයි. මේ අතර සියලු න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නවතා දමන බවට උතුරු කොරියානු නායකයා පසුගිය සෙනසුරාදා දින නිවේදනය කර තිබුණි.