Social Icons

facebookrss feedemailtwitter

Monday, April 23, 2018

ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ සිව්වන ණය වාරිකය ජුනි මාසයේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුද‍ලේ සිව්වන වාරිකය එළඹෙන ජුනි මාසයේදී ලබාදීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


ඒ සම්බන්ධයෙන් වන විශේෂ එකඟතාවයට එළඹ තිබෙන්නේ, ජනාධිපතිවරයාගේ ‍පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සමගාමීව ඇමෙරිකාවේ වොෂිංටන්නුවර ඉකුත් 20 වැනි දා පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ ශ්‍රී ලංකාව පිළිබඳ මෙහෙයුම් ප්‍රධානී මනුවෙලා ගොරෙත්ති මහත්මිය හා සමග ශ්‍රී ලංකාවේ දූත පිරිස කළ සාකච්ඡාවේදීය. ඇය සමග පැවැති මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් විකමරත්න, මහ භාණ්ඩාගාරයේ ‍ලේකම් ආර්.එස්.එච්. සමරතුංග සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී යන මහත්වරුද සහභාගි වූහ.