Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

ලොව ප්‍රථම ශිශ්න හා වෘෂණ පැස බද්ධ කිරීම සාර්ථකයි

ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව ඉටුකිරීමට ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ. ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට අදාළ අවයව බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසිනි.

මියගිය පරිත්‍යාගශීලියකුගේ ශිශ්න, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටසක් මේ බද්ධකිරීම සඳහා යොදා ගැනිණි. ශිශ්නය යළි සැකසීමකින් ලැබීමට අසීරු, ලිංගික ක්‍රියාකාරීත්වය ලැබීමට අදාළ සෙබළාට හැකිවනු ඇති බව වෛද්‍ය කණ්ඩායම පැවසූහ. මාර්තු 26 වෙනිදා අවයව බද්ධය කෙරුණු අතර එකොළොස් දෙනෙකුගෙන් සැදුම් ලත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට ඒ සඳහා පැය 14 ට අධික කාලයක් ගතවිණි. රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලද සෙබළෙකුට මෙවැනි සැත්කමක් කළ පළමු අවස්ථාව මෙන්ම වෘෂණ පැස සහ ඒ අවට උදර ප්‍රදේශය ඇතුළත් පූර්ණ පටක කොටසක් බද්ධ කරන ලද පළමු අවස්ථාව මෙය වේ.