Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

මත්ස්‍ය අපනයනයෙන් විදේශ විනිමයේ වර්ධනයක්

යුරෝපයට මත්ස්‍ය අපනයනයෙන් මිලියන 92,117 ක විදේශ විනිමයක් ඉපයීමට ශ්‍රී ලංකාව සමත් වේ. යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසුව මාස 21 ක් තුළ මසුන් මෙට්‍රික් ටොන් 58,578 පමණ අපනයනය කර ඇත. මත්ස්‍ය අපනයනය තහනමට පෙර 2014 වර්ෂයේ හා තහනම පැවැති කාලය තුළ මත්ස්‍ය අපනයනයේ සීඝ්‍ර පහත වැටීමක් පෙන්නුම් කෙළේය.

2014 අපනයනය කරන ලද සමස්ත මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 26,320කි. එම කාලය තුළ උපයන ලද විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 2103 කි. 2018 වසරේ ජනවාරි හා මාර්තු මාස තුනක කාලය තුළ පමණක් මෙට්‍රික් ටොන්. 7174.8ක් අපනයනය කර ඇති අතර ඉන් උපයා ඇති මුදල රුපියල් මිලියන 11,804.4 කි. යුරෝපා සංගමය විසින් මත්ස්‍ය අපනයනයට එරෙහිව පනවා තිබු තහනම 2016 ජුලි මස ඉවත් කරනු ලැබීය. ඒ සඳහා ප්‍රධාන හේතුව වුයේ එවකට පැවැති රජය විසින් යුරෝපා සංගමය විසින් මත්ස්‍ය අපනයනයේදී ක්‍රියාත්මක කළ යුතුව තිබු ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීමයි. ඒ සමගම රට තුළ මසුන් අපනයනය කරනු ලබන කර්මාන්ත විශාල ප්‍රමාණයක් වැසී ගි‍යේය. මේ වනවිට රටේ මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 34 සිට 68 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ටුනා මසුන් මෙන්ම ඉස්සන්, පොකිරිස්සන්, කකුලුවන් වැනි මත්ස්‍ය විශේෂ සඳහා ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ ගොස් තිබේ.