Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී වසර 29ක් පැරණි වාර්තාවක් බිඳ වැටෙයි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය යේදී වසර 29ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් බිඳ වැටෙයි.

වලල ඒ රත්නායක විදුහලේ දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ මීටර් 800 කාන්තා ඉසව්ව විනාඩි 2: 09. 15කින් එම වාර්තාව බිහිකළ අතර පැරණි වාර්තාව 1989 දී ධම්මිකා මැණිකේ විසින් විනාඩි 2: 10. 50කින් හොංකොං හී පැවැති ආසියානු කනිෂ්ඨ අන්තර් නගර ශූරතාවලියේදී පිහිටුවා තිබිණ.

 වලල ඒ රත්නායක විදුහලේ දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ මීටර් 800 ඉසව්වේ මූලික වටය විනාඩි 2: 10. 06කින් නිමා කොට පසුව පැවැති අවසන් තරගයේදී තවදුරටත් ප්‍රගතියක් පෙන්නුම් කොට වාර්තා පොත් අතරට පිවිසීම කැපී පෙණින. මෙම ශූරතාවලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා වාර්තාවක් හා නව තරග වාර්තා 7ක් බිහිවූ අතර වාර්තාවක් සමවිය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2600ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය අලුතින් ඉදිකළ ධාවන පථයේ පැවැත්විණ. මෙහිදී බිහිවූ නව ශ්‍රී ලංකා වාර්තාව යාපනය දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් 23න් පහළ කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් තරග කළ ජෙගදීස්වරන් අනීතා පිහිට වූවාය. අනීතා මීටර් 3.55කින් නව ශ්‍රී ලංකා වාර්තාව බිහිකළ අතර පැරණි රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව ඇය විසින්ම පසුගිය වසරේදී මීටර් 3.48කින් පිහිටුවා තිබිණ.