Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

දික්කසාදය නීතිගත කිරීම සඳහා පිලිපීනය සූදානම්

දික්කසාදය නීතිගත කිරීම සඳහා පිලිපීන රජය කටයුතු කරමින් සිටියි. ඒ සඳහා වන යෝජනාවට එරට කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවද සඳහන්. ලොව දික්කසාදය සඳහා නීතියෙන් අවසර නොමැති රාජ්‍යයන් දෙක වන්නේ පිලිපීනය සහ වතිකානයයි.

පිලිපීනයේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවට පමණක් ආගමික නීතිරීති වලට අනුකූලව දික්කසාද වීම සඳහා මෙතෙක් නීතියෙන් අවසර හිමිව තිබුණි. එරට වැසියන්ගෙන් බහුතරය කතෝලික භක්තිකයින් වන අතර රටේ සියළු කටයුතු සඳහා පල්ලියෙන් දැඩි බලපෑම් එල්ල වන බවත් සඳහන්. මෙතක් පිලිපීන වැසියන්ට සිය විවාහය අවලංගු කිරීමට පමණක් අවසර හිමිව තිබූ අතර එය ඉතා සංකීර්ණ මෙන්ම අධික මුදලක් වැය වන ක්‍රියාවක් විය. කෙසේ නමුත් මේ වන විට දික්කසාදය නීතිගත කීරීමට එරට බලධාරීන් උත්සහ ගනිමින් සිටින්නේ ඇතැම් පාර්ශවයන්ගේ පවතින දැඩි විරෝධය මධ්‍යයේය.

දික්කසාදය නීතිගත කීරමට විරෝධය පල කරන්නන් අතර සිටින එරට ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටරේට් සිය විවාහය අවලංගු කර සිටින අයෙකු වීමද විශේෂත්වයකි. දික්කසාදය නීතිගත කිරීම සඳහා වන යෝජනාව නීතියක් ලෙස බලාත්මක වීමට නම් එරට සෙනෙට් මණ්ඩලයේ සම්මත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගත යුතු වේ.