Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

තිසර පෙරේරා 20-20 ලෝක කණ්ඩායමට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා වන අයි.සී.සී ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රීඩා කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.

පසුගිය වසරේ දී කැරිබියානු දූපත්වලට බලපෑ සුළි කුණාටු හේතුවෙන් හානියට පත් ක්‍රිකට් ක්‍රීඩාංගන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ආධාර රැස්කිරීම සදහා මෙම තරගය පැවැත්වේ. තිසර පෙරේරාට අමතරව පාකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩි සහ ෂොයිබ් මලික් ද තරගයට ක්‍රීඩා කරන බව සදහන්. එම තරගයේ දී ලෝක කණ්ඩායමේ නායකත්වය දරන්නේ එංගලන්තයේ ඉයන් මෝගන්. තරගයට එක්වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය කාර්ලස් බ්‍රැත්වෙයිට්ට හිමිව ඇත. තරගය මැයි 31 වනදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.