Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

චීන ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වූ නිළ නොවන හමුව දෙරටේ නව සංධිස්ථානයක්

චීන ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වූ නිළ නොවන හමුව, රටවල් දෙකක ඉහළ පෙළේ නායකයින් සබඳතා පැවැත්වූ නව ක්‍රමවේදයක සංකේතයක් ලෙස හැඳින්වේ. පසුගිය 27 හා 28 යන දෙදින චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි මහතා “වූ හැන්” නගරයේදී නිළ නොවන හමුවක් පැවැත්වූහ.

මීට පෙර නායක දෙපළ බොහෝ අවස්ථාවලදී හමු වී තිබුණ ද “වූ හැනි’ හී පැවති මෙම නිළ නොවන හමුව සිදු වූයේ පළමු වරටයි. ගත වූ දින 2 තුළ, නායකයින් දෙදෙනා අවස්ථාවන් 6 ක දී හමු වී ඇත. මෙය ඔවුන්ගේ මිත්‍රත්වය හා අනෝන්‍ය විශ්වාසය තහවුරු කර ගැනීමට මනා පිටිවහලක් වන බව පැවසේ.

මෙවර නායකයින් දෙදෙනාගේ සියලු ක්‍රියාකාරකම්වලට එක්ව සිටින චීන විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය Kong Xuan You මහතා දෙස් - විදෙස් මාධ්‍ය අමතමින් පැවසුවේ, මෙම හමුව දෙරටේ සබඳතාවන් නව සංධිස්ථානයක් කරා ගෙන යන බවයි. චීනය හා ඉන්දියාව බලාපොරොත්තු වූ පරිදි නායක දෙපළ එළඹ ඇති එකඟතා දෙරටේ විවිධ කේෂ්ත්‍රවල සහයෝගීතාවන් නව සමාජ ප්‍රගතියක් කරා ගෙන යනු ඇති බව චීන විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.