Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

ගෝලීය මූල්‍ය අවදානම ඉහළට

ගෝලීය මූල්‍ය අවදානම් ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර මුදල් අරමුදල අනතුරු ඇඟවයි. තරමක සැහැල්ලු මූල්‍ය තත්වය කෙටි කාලීන ලෙස ගෝලීය ආර්ථික වර්ධනයට හිතකර වුව ද දීර්ඝකාලීන අවම පොලි අනුපාතය ක්‍රියාත්මක කිරීමෙන් ඉතිරි වූ මූල්‍ය බි‍ඳෙනසුළු භාවය එම වර්ධනයට අවදානම් ගෙන එනු ඇති බව එම සංවිධානය පෙන්වා දේ.

අදාළ කාලසීමාවට වඩා ගෝලීය මූල්‍ය ස්ථාවරත්වය මුහුණ දෙමින් සිටින කෙටිකාලීන අවදානම් මදක් වැඩි වන අතර මෑතකාලීන අවදානම අඛණ්ඩව ඉහළ මට්ටමක තවමත් පවතින බව, එම සංවිධානය නිකුත් කළ ගෝලීය මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.