Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 28, 2018

චීන - ඇමරිකා වෙළඳ ආරවුල විසදීමට සාකච්ඡා කිරීම වඩාත් සුදුසුයි - චීන අගමැති

සාකච්ඡා මාර්ගයෙන් චීනය හා ඇමරිකාව අතර සිදු වූ වෙළඳ ආරවුල විසඳා ගැනීම චීනයේ අදහස බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි. චීන අග්‍රාමාත්‍ය ලී ක චයං මහතා මේ බව සඳහන් කළේ 26 වැනි දින පස්වරුවේ බෙයිජිංහි ඇමරිකානු ප්‍රවාහන කටයුතු පිළිබඳ ලේකම් Elaine L. Chao මහත්මිය හමුවූ අවස්ථාදීය.

ඔහු පැවසුවේ චීනය හා ඇමරිකාව අතර අනෝන්‍ය වශයෙන් වැදගත් වන්නා වූ පොදු - ජයග්‍රාහී ආර්ථික හා වෙළඳ සහයෝගීතාවක් පවතින බවයි. ඇමරිකාව දැක්වූ සාකච්ඡා වලින් මතුව ඇති තත්ත්වය නිරාකරණය කිරීමේ අදහස චීනය අගය කරයි. චීනය, විවෘතභාවය තිරසරව තවදුරටත් පුළුල් කරන අතර, ඇමරිකාව ඇතුළු ලෝකයේ විවිධ රටවල් ඉන් ලැබෙන විවිධ ප්‍රතිලාභ බෙදා ගැනීම අපේක්ෂාවක් බව, චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.