Social Icons

facebookrss feedemailtwitter

Monday, April 23, 2018

දෙවන පාසල් වාරය අද සිට

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය ඇරඹේ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පළමු පාසල් වාරය පසුගිය 06 වන දිනෙන් අවසන් වූ අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය මෙම මස 11 වන දිනෙන් අවසන් විය.

මුස්ලිම් පාසල් සඳහා පසුගිය 18 වනදා දෙවන පාසල් වාරය ආරම්භ වු බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. මේ අතර නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ඊයේ දිවයිනේ සියලු පාසල් වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක වූ බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නව පාසල් වාරය ආරම්භවීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණ. ඒ අනුව ගුරුවරුන්, මාපියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් අප්‍රේල් මස 22 වන දින දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක විය. එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් වර්ධනය වීමේ අවදානමක් පවතින නිසා, එම තත්ත්වය මර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.