Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

GSP සහනයෙන් ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයට වැඩි ප්‍රතිලාභ

මෙරටට GSP සහනය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය යළි තීරණය කිරීමත් සමඟ ඉන් වැඩිම ප්‍රගතියක් ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයට අත්වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එය මෙරට මත්ස්‍ය අපනයනය සඳහා විශාල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන අවස්ථාවක් බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර ඇත. GSP සහනයත් සමඟ මත්ස්‍ය සම්පත අපනයනයේ දී 15% බදු සහනයක් ලැබෙන බවත්, මත්ස්‍ය අපනයනය මගින්  රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීම මෙන්ම, අපනයනය කරනු ලබන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමට හැකි වන බවද අමාත්‍යංශය කියා සි‍ටී.