Social Icons

facebookrss feedemailtwitter

Thursday, April 26, 2018

යුද සමයේ විනාශ වු වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට පියවර

යුද්දයේදී හා විවිධ හේතූන් මත විනාශ වූ උතුරේ වැව් 600 ක්  ප්‍රතිසංස්කරණයට වාරිමාර්ග දෙපාර්පාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වැව් 600 න් එක් පියවරක් වශයෙන් කිළිනොච්චිය  දිස්ත්‍රික්කයේ කුඩා වැව් 44 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන ඇතැයි කිළිනොච්චිය සහකාර වාරිමාර්ග ඉංජිනේරු එස්.ආයාස්කුනම් මහතා සඳහන් කළේය.

මේ තෝරාගෙන ඇති වැවු 44 සම්බන්ධයෙන් වාර්තා සකස් කිරීම මේ දිනවල සිදු කරගෙන යන බවත් එම තොරතුරු හා අවශ්‍ය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමෙන් පසුව වැව් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන බවත් සහකාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.