Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජුලි 13 වන සිකුරාදා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටී. පසුගිය වසරේ ජනවාරි මාසයේදී බලයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප්ගේ පළමු බ්‍රිතාන්‍ය චාරිකාව මෙයයි.

සාමාන්‍යයෙන් ඇමරිකානු නායකයෙකු සිය පළමු විදෙස් සංචාරය ලෙස බ්‍රිතාන්‍යය තෝරා ගනු ලැබුව ද, තමන්ට එරෙහිව පැවති දැඩි විරෝධය හේතුවෙන් ජනපති ට්‍රම්ප් එම පියවර අනුගමනය කළේ නැ. කෙසේ නමුත් මෙවර බ්‍රිතාන්‍ය සංචාරයේදී ද ඔහුට එරෙහි විරෝධතා ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂිතයි.