Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් සිදුකරන රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ලෝක කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් ඇති වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන බවට අධ්‍යයනයකින් හෙළිවේ. එම අධ්‍යයනය සිදු කර ඇත්තේ සංවර්ධිත, නැගී එන සහ පෙරමුණු වෙලෙඳපල නියෝජනය කරන රටවල් 67 ක් තෝරාගනිමිනි.

එම රටවල් 67 ලෝක ජන ගහණයේ 80% ක් සහ දළ දේශීය නිෂ්පාදනයෙන් 94% ක් නියෝජනය කිරීම විශේෂත්වයක්. අමෙරිකාවේ ජාත්‍යන්තර කාලගුණ දත්ත මධ්‍යස්ථානය  මගින් සිදු කළ එම අධ්‍යයනයට අනුව කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් ඉන්දියාවට එල්ල වී ඇති අතර, පිලිපීනය සහ බංග්ලාදේශය එම අවධානමේ මීලඟට පසු වේ.


ගෝලීය උණුසුම ඉහළ යාමෙන් වැසි අඩුවීම මෙන්ම සුළි සුළං, ජල  ගැලීම් ඇතුළු කාලගුණ සිදු වීම් මෙම අවධානම් කලාපයට අයත් රටවල බහුලව සිදු විය හැකි බව ද අදාළ අධ්‍යයනය මගින් පෙන්වාදී ඇත.