Social Icons

facebookrss feedemailtwitter

Monday, April 23, 2018

ඇමරිකානු GSP බදු සහනය නැවත වරක්

අප්‍රේල් මාසයේ සිට යළිත් වරක් ඇමරිකානු GSP බදු සහනය ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට හිමිවේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව ශ්‍රී ලංකාව ඇමරිකාවට සිදු කරනු ලබන අපනයන ප්‍රමාණය ප්‍රථමවරට වාර්තා ගත ලෙස ඩොලර් බිලියන 03 කින් වැඩි වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.  

ඇමරිකානු රජයේ මෙම මුලපිරීම, ලෝකයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා සමඟ පවතින සබඳතාව ශක්තිමත් කිරීම සහ ඒ තුළින් ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට පමණක් නොව ඇමරිකානු අපනයනකරුවන් සහ එරට පාරිභෝගිකයින් සමඟ ඉතා ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීම සඳහා හේතු වන බව පැවසේ. ඇමරිකාව ශ්‍රි ලංකාවේ ප්‍රධාන අපනයන ගැණුම්කරුවා වන අතර, එම අපනයන ප්‍රමාණය පසුගිය වසරේදී පෙරමුණ ගෙන ඇත. පසුගිය වසරේදී ඇමරිකාවට සිදු කළ මුළු අපනයන ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 සිට 3 (2.9- 3.0 Billion US Dollar) දක්වා ඉහළ ගොස් ඇති බව පැවසේ එය 2016 වසරට සාපේක්ෂව බලන කළ සියයට 3.65% ක වර්ධනයකි. ඒමෙන්ම පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිළ දී ගත් දෙවන විශාලතම ගැණුම්කරුවා වූයේ එක්සත් රාජධානියය. එම මුළු අපනයන වටිනාකම ඩොලර් බිලියන 1.03 කි.

තෙවන ගැණුම්කරුවා වන ඉන්දියාව ඩොලර් මිලියන 689 ( 689 Million US Dollar) ක අපනයන නිෂ්පාදන මිළ දී ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පවසයි. ඇඟළුම්වලින් වාර්ෂිකව සියයට 70 - 75% ක් අතර ප්‍රමාණයක් අපනයනය සිදු කරන්නේ ඇමෙරිකාවටය.

මේ වන විට ඇමරිකානු ජනාධිපති ඩොලර් ට්‍රම්ප් ප්‍රතිලාභී රටවල් 120 ක් සදහා GSP බදු සහනය ලබා දීමට අවසර ලබා දී තිබේ.