Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

පළාත් පාලන ආයතන සංස්ථාපන කටයුතු අවසන්

මාර්තු මස 20 වනදා එම කටයුතු ආරම්භ කෙරුණු අතර මේ වන විට පළාත් පාලන ආයතන දෙකක හැර සෙසු සියලු‍ පළාත් පාලන ආයතනවල සංස්ථාපන කටයුතු අවසන් වී ඇති බවයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ඝණ පූර්ණය නොමැතිව කල්තැබූ හම්බන්තොට මහ නගර සභාවේ සහ සභිකයින් සංඛ්‍යාව ගැසට් කිරිම ප්‍රමාද වූ පූජාපිටිය ප්‍රදේශීය සභාවේ පමණක් සංස්ථාපන කටයුතු මෙතෙක් සිදු කර නොමැති බව සඳහන්. හම්බන්තොට මහ නගර සභාව ඝණ පූර්ණය නොමැතිව කල්තැබීම හේතුවෙන් එම සභාවට බලය පිහිටුවිම සඳහා මසක කාලයක් හිමි වනු ඇති. එමෙන්ම පුජාපිටිය ප්‍රාදේශිය සභාවේ සභිකයින් සංඛ්‍යාව මාර්තු 29 වන දා ගැසට් කිරීම හේතුවෙන් එම ප්‍රාදේශිය සභාවට ද බලය පිහිටුවීම සඳහා මසක කාලයක් හිමි වන බවයි. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නීති නිලධාරීනි ගයනි ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ.