Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

කොරියානු අර්ධද්වීපය සාමකාමී ගිවිසුමකට අත්සන් තැබිය යුතුයි - දකුණු කොරියානු ජනපති

කොරියානු අර්ධද්වීපය සාමකාමී ගිවිසුමකට අත්සන් තැබිය යුතු යැයි දකුණු කොරියානු ජනපති සඳහන් කරයි. දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in පසුගිය 19 වැනි දින මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මන්දිරයේ මාධ්‍යවේදීන් අමතමිනි.

කොරියානු අර්ධද්වීපය තාවකාලික සමාදාන පද්ධතිය නිමාවට පත් කර සටන් විරාම ප්‍රකාශය නිකුත් කරමින් සාම ගිවිසුමකට අත්සන් තැබීම උදෙසා ගමන් කළ යුතු යැයි හෙතෙම පෙන්වා දුන්නේය. උතුරු දකුණු කොරියානු නායක සමුළුව හරහා අර්ධද්වීප නිර්න්‍යෂ්ටිකකරණය සැබෑ කර ගනිමින් අර්ධද්වීපයේ සදාකාලික සාමකාමී පද්ධතියක් බිහි කළ යුතු බව ද හෙතෙම පැවසීය. දකුණු කොරියාව හා උතුරු කොරියාව එළඹෙන 27 වැනිදා දෙරට නායක සමුළුව දකුණු කොරියාවේ පිහිටි House of Peace හි පැවැත්වීමට නියමිතව ඇත. මෙය තුන් වැනි දකුණු උතුරු කොරියා නායක සමුළුව වන අතර, මැයි හෝ ජූනි මාසයේ උතුරු කොරියානු උත්තරීතර නායකවරයා හමු වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබේ.