Social Icons

facebookrss feedemailtwitter

Thursday, April 26, 2018

මැයි 15සිට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට අලුතින් 5432ක්

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා අලුතින් 5432ක් මැයි 15දා වන විට බඳවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ.බී.පී.එම්.ජේ. ගමගේ මහත්මිය පැවසීය.


ඒ අනුව සීමිත අංශයෙන් මෙම සේවාව සඳහා නිලධාරීන් 1377ක් ද, විවෘත අංශයෙන් 4055ක් ද බඳවා ගැනීමට නියමිතව ඇත. පසුගිය වසරේ දෙසැම්බර් 31දා වන විට රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු 6139ක් ද පැවතිණි.